ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා (28) ජාත්‍යන්තර එක්දින පිටියට සමුදුන්නා. ඔහු සමුගත් පසු පැවසුවේ අලුත් වැඩක් කීරීමට තමන් සූදානමෙන් සිටින බවයි.
කෙසේ වෙතත් ඩිල්ෂාන්ගේ අලුත්ම වැඩේ මේ වෙනවිට රහසක් නොවෙනවා. එනම් ඩිල්ෂාන්ගේ කාලයක් සිට තිබූ සිහිනය යථාර්තයක් කරමින් ඔහු සිය බිරිඳ මංජුලා සමග ගීතයක් ගායනා කර තිබෙනවා.




