ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන තිලාන් සමරවීර බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයකු ලෙස පත් කර තිබේ. ඉදිරියේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත අතර එම තරගාවලියේදී තිලාන් සමරවීර උපදේශකයකු ලෙස කටයුතු කරනු ඇත.
ඔහු මේ තරගාවලිය සඳහා කණ්ඩායමට එක්කර ගත්තත් ඉදිරියේදී ඔහුගේ සේවය අඛණ්ඩව ලබාගැනීම පිළිබඳ සලකා බලන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා සංචාරයක නිතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමද සංචාරයට පෙර තිලාන් සමරවීරගේ සේවය ලබාගෙන තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 81කට හා එක්දින තරග 53කට ක්‍රීඩා කර ඇති තිලාන් ටෙස්ට් ශතක 14ක් හා එක්දින ශතක දෙකකට හිමිකම් කියයි.