ගෝඨාභය ඇතුළු 8 දෙනෙකුට නොතීසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට සැප්තැම්බර් මස 30වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

නීති විරෝධී ලෙස පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාම සඳහා අනුමැතිය ලබාදීම ඇතුළු චෝදනාවන්ට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 8 දෙනෙකු රජයට රුපියල් බිලියන 11.4ට වැඩි අලාභයක් සිදුකර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

නිරෝගී දිවියකට දිනපතා කිරි ආහාර අවශ්‍යයි


වාහනවල අයිතිය පවරා ගන්න සහන කාලයක්

වසර ගණනක් පුරා අයිතිය පවරා නොගෙන වාහන පාවිච්චි කරන්නන්ට ඒවා තම නමට පවරා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක සහන කාලයක් ලබා දී තිබේ.

ලබා දී ඇති සහන කාලය තුළ දී මෙතෙක් අයිතිය පවරා නොගැනීම නිසා දිනකට රුපියල් සියය බැගින් අය කරන දඩ මුදල අය නොකිරීම විශේෂත්වයකි.

අධිචෝදනා 6ක් යටතේ ගම්මන්පිලට නඩු 2ක්

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (30) නඩු දෙකක් වෙන් වෙන්ව පැවරීය.

අධිචෝදනා 6ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා ඇති නඩු දෙකේ රුපියල් මිලියන 21ක් සම්බන්ධව සාපරාධී විශ්වාස කඩකිරීම, ඊට අනුබල දීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ පවරා ඇති නඩුවේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට අමතරව ජයම්පති ක්ලැරි පෙරේරා ජයසිංහ නොහොත් සිඩ්නි ජයසිංහ යන අය ද විත්තිකරුවකු ලෙස නම් කර ඇත.

ජොන්ස්ටන්ට එරෙහිවත් විනය ක්‍රියාමාර්ග

එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පෙරේදා (30) රාත්‍රී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂ කටයුතු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.