වසර ගණනක් පුරා අයිතිය පවරා නොගෙන වාහන පාවිච්චි කරන්නන්ට ඒවා තම නමට පවරා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක සහන කාලයක් ලබා දී තිබේ.
ලබා දී ඇති සහන කාලය තුළ දී මෙතෙක් අයිතිය පවරා නොගැනීම නිසා දිනකට රුපියල් සියය බැගින් අය කරන දඩ මුදල අය නොකිරීම විශේෂත්වයකි.




