මාලිංග ආයෙත් එයි

ආබාධයකට ලක් එයින් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ශ්‍රී ලංක හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග නැවතත් සිය පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔහු ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළා. 

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රිඩා කිරීමට මාලිංගට ඇත්තේ අවම ඉඩක් බවයි වාර්තා වෙන්නේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට තාවකාලිකව ක්‍රිකට් පිටිය අහිමි වී තිබෙනවා. 

වික්ටර් රත්නායකගේ වැඩිමල් දියණිය සමුගනී

ප‍්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායකග් වැඩිමහල් දියණිය චාන්දනී රත්නායක කලක් තිස්සේ පැවති පිළිකා රෝගය නිසා අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 46 කි.

ඇයත් ගායනයට දස්කම් දැක්වූ අතර ‘මට මව් පදවිය ලැබුණ දිනේදී නුඹේ අගේමට දැනුනේ’ඇතුළු ගීත ගයා ඇත.අතුරුගිරිය සමනළ මාවතේ පිහිටි නිවසේ දේහය තැන්පත් කර තිබේ.
දේහයට ගෞරව දක්වන්නට ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාද ඊයේ පැමිණියේය.

පිලිපීනයෙන් දැවැන්ත මුතුවක් හමුවෙයි

පිලිපීනයේ පාල්වාන් දූපතෙන් විශාල මුතුවක් හමුවී තිබෙනවා. වසර 10කට පසු හමුවූ දැවැනත මුතු ඇටයක් බවයි වාර්තා වන්නේ. 

මෙම මුතුව මෙතෙක් හමු වූ මුතු ඇටවලිට වඩා පස් ගුණයකින් විශාල වන අතර කිලෝ ග්‍රෑම් 34ක් වනවා. කෙසේවෙතත් මෙහි වටිනාකම මෙතෙක් ගණනය කොට නොමැති බවයි වාර්තා වන්නේ.

උදාරී පොලිස්සියට බැඳිලා ! Photos

උදාරී වරණකුලසූරිය කියන්නේ ලංකාවේ මේ වන විට ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.එයාගේ රඟපෑම් අතරින් මේ වන විටත් තිරගත වන “ආදරනීය කතාවක්“ චිත්‍රපටිය ඉතා ජනප්‍රිය වූවා සේම එම චිත්‍රපටියේ ඇය ඉතා විශිෂ්ඨ රංගනයක නියැලෙනවා.

මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. ඔන්න උදාරී ඒ පාර් පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීලා. එයා පොලිස් දෙපාර්තමේන්තුවට බැදීලා තියෙන්නේ ලංකාවේ ක්‍රියාත්මක වන පතාල රුල්ල මරදනයටලු.

චන්දිමාල් වාර්තාවක් අභියස

අඛණ්ඩව එක්දින ඉනිම හයකදී අර්ධ ශතක හයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ පළමු එක්දින ක්‍රීඩකයා බවට පත්විමට දිනේෂ් චන්දිමාල්ට අවශ්‍යව ඇත්තේ තවත් එක් අර්ධ ශතකයක් පමණි. හෙට ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගයේදී චන්දිමාල් අර්ධ ශතකයක් රැස්කළහොත් චන්දිමාල් අඛණ්ඩ එක්දින ඉනිම හයකදී අර්ධ ශතක හයක් රැස්කළ ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩකයා බවට පත්වෙනු ඇත.