මාලිංග ආයෙත් එයි

ආබාධයකට ලක් එයින් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින ශ්‍රී ලංක හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග නැවතත් සිය පුහුණුවිම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔහු ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කළා. 

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රිඩා කිරීමට මාලිංගට ඇත්තේ අවම ඉඩක් බවයි වාර්තා වෙන්නේ. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට තාවකාලිකව ක්‍රිකට් පිටිය අහිමි වී තිබෙනවා.