පෝර්ට්‌සිටි අපේ රටට විශාල හානියක්‌

පරිසර විනාශය, මූල්‍යමය පාඩුව සහ ජාත්‍යන්තර දේශපාලන තුලනය බිඳවැටීම යන සියලු ක්‌ෂේත්‍රවලින් ගත් විට පෝට්‌සිටිය අපේ රටට විශාල හානියක්‌ යෑයි ජනතා විමුක්‌ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22 දා) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

අනුර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

වරායෙන් මහින්දට ලක්ෂ 640ක උපන්දින තෑග්ගක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති ධුරය දරද්දී ඒ මහතාට වසර 2010 නොවැම්බර් 18දා වරාය අධිකාරියේ මහජන මුදල් රුපියල් ලක්ෂ හයසිය හතළිහක් පමණ වැය කර පිරිනමා තිබෙන අපූරු උපන්දින තෑග්ගක් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

හම්බන්තොට වරාය විවෘත කිරීම එදින සිදු කර තිබෙන අතර එම කටයුත්ත එදිනට සිදු කළේ රාජපක්ෂ මහතාට පිරිනැමූ උපන්දින තෑග්ගක් ලෙස සනාථ කිරීමට හැකි වීඩියෝ සාක්ෂි සොයාගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අදාළ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

වින්ඩෝස් හොර කොපි බාවිතා කරන්න එපාලු

මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජය අලෙවි ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ල‍ංකාවතුල සිදු කිරීමට මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුලින් වීඩියෝවක් තම ෆේස්බුක් පිටුව තුල ප්‍රචාරණය කර තිබෙනවා. 

මින් පෙන්වාදෙන්නේ වින්ඩෝස් ඇක්ටිව් කී එකක් නොමැතිව ක්‍රැක්, පැච් ආදිය බාවිතා කර වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජ බාවිතා කිරීම හොර වැඩක් බවයි. 

මාතර දිස්ත්‍රික්කය ලක්ෂ්මන් යාපාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.

ඒ, අද මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

බෝල්ට් සමග යහන්ගතවූ බව කියන බ‍්‍රසිලියානු සිසුවිය

මෙවර ඔලිම්පික් උළෙලේ කෙටි දුර ඉසව් වීරයා බවට පත්වූ ජැමෙයිකානු ජාතික හුසේන් බෝල්ට් සම්බන්ධයෙන් බ‍්‍රසීල වෙබ් අඩවි කිහිපයක් පතුරා තිබෙන ආරංචියක් නිසා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

හුසේන් බෝල්ට් ඔහුගේ 30 වන උපන්දිනය ඊයේ (21) බ‍්‍රසීලයේ සිට සැමරීමෙන් අනතුරුව තමා සමග ඔහු යහන් ගතවූ බව කියමින් ජෙඞී ඩුවාර්ටි නමැති බ‍්‍රසීලියානු ජාතික 20 හැවිරිදි පාසල් සිසුවියක අන්තර්ජාලය වෙත ඡායාරූප කිහිපයක් මුදාහැර ඇත.