බදු ආදායම 23%කින් ඉහළට

බදු ආදායම් එක්රැස් කිරීමේ රජයේ කාර්යක්ෂම වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයිද, එතුළින් වසර 2015 මුල් මාස හතට වඩා මේ වසරේ මුල් මාස හතේ රජයේ ආදායම සියයට 23 කින් ඉහළ ගොස් ඇතැයිද මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය. වසර 2015 මුල් මාස හතට වඩා, මේ වසරේ මුල් මාස හතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයිද මුදල් ඇමැතිවරයා කීය.

ශිෂ්‍යත්වය දවසේ ජංජාලයක්‌

මහඔය අධ්‍යාපන කලාපයට අයත් පදියතලාව හෝලිකේ මහ විද්‍යාලයේ ඊයේ (21 දා) උදේ ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සිටි සිසුන් වැරදි මධ්‍යස්‌ථානයකට යොමුකර තිබීමෙන් එම සිසුන් හා තමන් දැඩි අපහසුතාවයට ලක්‌වූ බවට සිසුන්ගේ දෙමාපියෝ චෝදනා කරති.

විද්‍යාලයෙන් ලද දැනුම් දීමට අනුව දෙමාපියන් ඊයේ (21 දා) උදෑසනම තම දරුවන් රැගෙන මිරිස්‌වත්ත මහ විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්‌ථානයට ගොස්‌ ඇත.

දුම්රියවලට ගල් ගැසුවොත් වෙඩි

ධාවනය වන දුම්රියන්වලට ගල් ගසන පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා මිලි මීටර් 0.38 වර්ගයේ රිවෝල්වර 25 ක්‌ දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු බව දුම්රිය ආරක්‌ෂක හමුදාවේ දුම්රිය අධිකාරි අනුර ප්‍රෙමරත්න මහතා ඊයේ (21 වැනිදා) පැවැසීය.

ආරක්‌ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත මෙම රිවෝල්වර වැලිසර නාවික හමුදා කඳවුරෙන් ලබාදුන් බවද ඒ මහතා කීය.

ඒකාබද්ධ විපක්ෂයේ අවසන් තීන්දුව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (22) රැස්වෙති.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් බත්තරමුල්‍ලේ පිහිටි ඒ මහතාගේ දේශපාලන කාර්යාලයේදී අද සවස මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනාම සහභාගි වන බව දැනුම්දී ඇත.

අලුත් ආසියානු ක්‍රිකට්‌ මහගෙදර

රටවල් 25 ක සාමාජිකත්වයෙන් යුත් ආසියානු ක්‍රිකට්‌ සභාවේ නව මූලස්‌ථානය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන පරිශ්‍රයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් පෙරේදා (20දා ) විවෘත විය.

ආසියානු කලාපයේ ක්‍රිකට්‌ සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව අදාළ ආයතනය ආරම්භ කිරීමේ අවස්‌ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන ඇතුළු ආරාධිතයින් සහභාගී වූහ.