පසුගිය වසර 30 තුළ කොළඹ නගරයේ ජනගහණයේ වැඩිවීමක් වූයේ නෑ. එහෙත් කඩුවෙල ප්‍රදේශයේ සීඝ්‍ර වැඩිවීමක් දකිනවා. වෘත්තීයවේදීන් රාශියක් මේ ප්‍රදේශයේ ජීවත් වන අතර රාජ්‍ය ආයතන රාශියක් මෙම ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව කොළඹට වඩා ශක්තිමත් නගරයක් බවට කඩුවෙල පත්වෙන අතර ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය බවට තව සිව් වසරක් තුළ මෙය පත් කරනවා.....යෑයි මහානගර බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ රුපියල් මිලියන 213 ක් වැය කරමින් ස්ථාපිත කිරීමට නියමිත කඩුවෙල නව සතිපොළ සහ අතිරේක බස්නැවතුම්පළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.