ලංකාවේ සුනඛයාට ලෝක සම්මානයක්‌

ලෝකයේ යුද ගැටුම් පවතින රටවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙවර යොදවා සිටින සුනඛයන් දහසක්‌ අතරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ "ඇල්වින් මැජිස්‌ටින්" වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක්‌ සොයාගත් සුනඛයා ලෙස ලෝක සම්මානයට හිමිකම් කියා තිබේ.

ඒ අනුව ලබන ඔක්‌තෝබර් මාසයේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී ශ්‍රී ලංකා යුදහමුදා ඇල්වින් මැජිස්‌ටින් සුනඛයාට මෙම සම්මානය පිරිනැමීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටී.

වැළලූ බිම් බෝම්බ ඉවත් කිරීමේ සම්මානයත් මීට කලින්ද ශ්‍රී ලංකා හමුදාවේ කයිරෝ ස්‌පාටකස්‌ නමැති සුනඛයා ලබාගෙන තිබූ අතර එම සුනඛයා දැනට වසර කිහිපයකට ඉහතදී මියගොස්‌ තිබුණි.

2016 වසරේ ලෝකයේ විවිධ රටවල ගරිල්ලා සටන්වලදී වළලා තිබූ බිම් බෝම්බවලින් වැඩි ප්‍රමාණයක්‌ මෙවර සොයා ගත් ඇල්වින් මැජිස්‌ටින් සුනඛයා බෙල්ජියම් රටේ උපත ලබා ඇත.

වර්ග මීටර් 600 - 800 ත් පමණ භූමි භාගයක වළලා තිබූ බිම් බෝම්බ ඉවතට ගැනීම සඳහා ශ්‍රී ලංකා හමුදාවේ ඇල්වින් මැජිස්‌ටින් අපූරු දක්‌ෂතාවක්‌ දැක්‌වීය.