මරණය පමා කරන රහස් වට්ටෝරුව

ඔබේ ජීවන රටාවේ පුංචි වෙනස්කම් කිහිපයක් කළහොත් ඔබේ ආයු කාලය වසර ගණනාවකින් වැඩි කරගන්නට හැකි වන බව ඔබ දන්නවාද?

මෑතදී ඇමෙරිකාවේ කරන ලද වෛද්‍ය පර්යේෂණයකින් ඔබේ ආයු කාලය අඩු කිරීමට හේතු වන ප්‍රධාන කරුණු හතරක් හඳුනාගෙන තිබෙනවා. ඒවා නම්:

රත්නපුර - කහවත්ත අමුතු බස් රථ අනතුර - Photos

රත්නපුර කහවත්ත මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරක් නිසා ඊයේ (19) දිනයේ මාර්ගයේ රථවාහන තදබදයක් ඇති වුණා.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් වන අතර එහි පසුපස රෝද 4 ගැලවී ගොස් බස් රථයෙන් වෙන්වී තිබෙනවා.

නාමල්ගේ සමාගමේ අධ්‍යක්‍ෂවරියකට ඉන්ටර්පෝල් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස්‌ කෝපරේටඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළ මේ වන විට විදේශගතවී ඇතැයි කියන ඉරේෂා ද සිල්වා නමැත්තිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (19 වැනිදා) ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.

පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලංකාවේ සුනඛයාට ලෝක සම්මානයක්‌

ලෝකයේ යුද ගැටුම් පවතින රටවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා මෙවර යොදවා සිටින සුනඛයන් දහසක්‌ අතරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ "ඇල්වින් මැජිස්‌ටින්" වැඩිම බිම් බෝම්බ ප්‍රමාණයක්‌ සොයාගත් සුනඛයා ලෙස ලෝක සම්මානයට හිමිකම් කියා තිබේ.

ඒ අනුව ලබන ඔක්‌තෝබර් මාසයේ දී ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී ශ්‍රී ලංකා යුදහමුදා ඇල්වින් මැජිස්‌ටින් සුනඛයාට මෙම සම්මානය පිරිනැමීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටී.

ලංකාවේ දෙවැනි අගනගරය බවට කඩුවෙල පත්වෙනවා

පසුගිය වසර 30 තුළ කොළඹ නගරයේ ජනගහණයේ වැඩිවීමක්‌ වූයේ නෑ. එහෙත් කඩුවෙල ප්‍රදේශයේ සීඝ්‍ර වැඩිවීමක්‌ දකිනවා. වෘත්තීයවේදීන් රාශියක්‌ මේ ප්‍රදේශයේ ජීවත් වන අතර රාජ්‍ය ආයතන රාශියක්‌ මෙම ප්‍රදේශයේ ස්‌ථාපිත කර තිබෙනවා. ඒ අනුව කොළඹට වඩා ශක්‌තිමත් නගරයක්‌ බවට කඩුවෙල පත්වෙන අතර ශ්‍රී ලංකාවේ දෙවැනි අගනගරය බවට තව සිව් වසරක්‌ තුළ මෙය පත් කරනවා.....යෑයි මහානගර බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ රුපියල් මිලියන 213 ක්‌ වැය කරමින් ස්‌ථාපිත කිරීමට නියමිත කඩුවෙල නව සතිපොළ සහ අතිරේක බස්‌නැවතුම්පළ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.