පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේටඩ් සමාගමේ අධ්යක්ෂවරියක ලෙස කටයුතු කළ මේ වන විට විදේශගතවී ඇතැයි කියන ඉරේෂා ද සිල්වා නමැත්තිය අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (19 වැනිදා) ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.




