තවත් අධ්‍යක්ෂවරියන් 2ක් රටින් පැනලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියන් දෙදෙනෙක් මෙරටින් පලාගොස් තිබේ.

ප්‍රකාශයක් ගැනීමට කැඳවා සිටි තවත් අධ්‍යක්ෂවරියක් රෝහල් ගතවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් අධ්‍යක්ෂවරියක් පෙරේදා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත්වූවාය.

රටින් පලාගිය ASPට යළි තනතුර

දේශපාලන බලපෑම් මත යැයි සඳහන් කරමින් ‍පොලිස් සේවය අතහැර ඕස්ට්‍රේලියාවට පලාගොස් ආණ්ඩු පෙරළියෙන් පසු මෙරටට පැමිණි හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතාව නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

මෙරටට ඔහු පැමිණීමෙන් පසු එ.ජා.ප.යේ මහර ආසන සංවිධායක ධුරය හිමි විය. පසුගිය මහා මැතිවරණයේදී ඔහු එ.ජා.ප.යෙන් ගම්පහ දිස්ත්‍රික්කයටද තරග කළේය. තමන් මේ වනවිට ආසන සංවිධායක ධුරයෙන් ඉවත්ව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

බන්දුගේ පුතාත් කරළියට



ප‍්‍රකට චිත‍්‍රපට විකට නළු බන්දු සමරසිංහ ලබන 27 වනදා පවත්වන්නට නියමිත බන්දු සමරසිංහ ලයිව් ඉන් කොන්සර්ට් වැඩසටහනේදී ප‍්‍රථම වරට ඔහුගේ පුත් කාංචන වේදිකාව මත රැඟුම් දක්වමින් කරළියට
පැමිණෙන්නට නියමිත බව වාර්තාවේ. 

ලිංගේන්ද්‍රිය දිගු වීම නිසා ඔලිම්පික් පදක්කමක් අහිමිවූ හැටි

තමන්ගේ ලිංගේන්ද්‍රිය නිසා ඔලිම්පික් බලාපොරොත්තුව සුන්වූ ක්‍රීඩකයෙක් පිළිබඳව කතාබහක් රියෝ ඔලිම්පික් ගම්මානයෙන් ඇසෙනවා.

මේ ක්‍රීඩකයා ජපන් ජාතික Hiroki Ogita ලෙසයි වාර්තා වන්නේ.රිටි පැනීමේ තෝරාගැනීමේ තරගයක දී ඔහු මෙම සිදුවීමට මුහුණදෙනු ලැබුවා.

පිත්ත කඩුල්ලේ වැදුණු පසු ධනංජය කළ දේ

ධනංජයගේ පිත්ත වැරදීමකින් කඩුල්ලේ වැදීමෙන් පසුව ඔහු විසින් ඉක්මනින් නැවතත් එය සැකසූ අයුරු ඊයේ තරඟය අතරතුර දැකගන්නට ලැබුනා.


එම වීඩියෝව පහතින්.