පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්යක්ෂවරියන් දෙදෙනෙක් මෙරටින් පලාගොස් තිබේ.
ප්‍රකාශයක් ගැනීමට කැඳවා සිටි තවත් අධ්යක්ෂවරියක් රෝහල් ගතවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් අධ්යක්ෂවරියක් පෙරේදා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත්වූවාය.




