උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදිකිරීමට මහා භාණ්ඩාගාරයෙන් රාධා ආයතනය වෙත ලබාදුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් යටතේ රාධා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු, නැඟෙනහිර මූල්‍ය අංශ ප්‍රධානී එමිල් කාන්තන් ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.
පොලිසියේ වැටුප් ඉහළට
ජනවාරි මස 01 වැනිදා සිට පොරොන්දු වූ පරිදි පොලිස් සේවාවේ වැටුප් වැඩිකරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.
ජනතාවට වැඩදායි නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් සේවාවක් බිහිකිරීම රජයේ අරමුණ බව ද සාගල රත්නායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ 450 වන පොලිස් ස්ථානය ලෙසින් මාතර කොටවිල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (14) දින සහභාගි වෙමිනි.
මහනුවර මහ පෙරහර හෙට
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහර හෙට (17) වීදි සංචාරය කරයි.හෙට රාත්‍රී 8.00 පසුවී විනාඩි 09ට දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගෙවදීම සිදුකරයි.
පසුදින අලුයම ගැටඹේ තොටින් දිය කපා ගෙඩිගේ විහාරයට පැමිණ දහවල් පෙරහර පවත්වා මෙවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්කෙරේ. එදිනම සවස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් පෙරහර සාර්ථකව නිම කළ බවට පෙරහර සංදේශය ජනාධිපතිවරයාට බාරදීමද සිදුකෙරේ.
එංගලන්ත දැරියකට ලංකාවේදී අතවරයක්
බි්රතාන්ය ජාතික දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියකට කොල්ලුපිටිය ප්‍රදේශයේ තරු පහේ හෝටලයක් තුළදී ලිංගික අතවරයක් කළ බවට සැකපිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (15දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පනස් හය හැවිරිදි ඉන්දියානු ජාතිකයකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ලබන 25 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.විජයගේ හත් දවසේ බණට මහින්දත් යයි
අභාවප්ප්‍රාප්ත විජය නන්දසිරි කලාකරුවාගේ ගුණානුස්මරණ සත්දින ධර්මදේශනය ඊයේ (15) දිනයේ සිදු කෙරුණා.ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවී සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ



