විදේශීය කාන්තාවගේ ලක්ෂ 23ක් ආපසු දෙයි

විදේශීය රටක සිට ලංකාවට පැමිණ සිටි කාන්තාවකට අයත් රු. ලක්ෂ 23ක මුදල්, බැංකු කාඩ්පත් හා ගමන් බලපත්‍රය සහිත ගමන් මල්ල අයිතිකරු සොයා භාර දුන් ආදර්ශමත් මාධ්‍යවේදියකු පිළිබඳ දඹුල්ලෙන් වාර්තා වේ.

තායිලන්තයේ සිට මෙරටට පැමිණ සිටින විදේශීය කණ්ඩායමක් මෙරට වන අලින් පිළිබඳ ගවේෂණයක නිරතව සිටිති.

බඩේ ගෑස් අයට හොඳ ආහාර

“මගේ බඩේ ගෑස්. ඉන්න බෑ. බඩ පුරෝලා දාලා වගේ” යනුවෙන් උදෑසන මැසිවිලි නඟන අය අපට නිතර මුණ ගැසෙනවා. තමන්ගේ නොසැළකිලිමත් ආහාර පුරුදු හේතුවෙන් ඔවුන්ට ඇති වී තිබෙන රෝගී තත්ත්වයට තමයි ගැස්ට්‍රයිටීස් කියලා කියන්නේ. මේ රෝගයට හරිහැටි වෛද්‍ය ප්‍රතිකාර නොගත්තොත්, ආමාශගත පිළිකා රෝගය වැළ‍ඳෙන්නත් පුළුවන්. බඩේ දැවිල්ල, උදරය පුරවාදැමීම, වමනය යනාදියෙන් පටන් ගන්නා මේ ගැස්ට්‍රයිටීස් තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු හොඳ ම විසැඳුම් විදිහට, කලට වෙලාවට ආහාර ගැනීම සහ හිතකර ආහාර පමණක් ආහාරයට එක්කර ගැනීම දක්වන්න පුළුවන්.

සුදු උරුලෑවෙක්



නිකවැරටිය මහගිරිල්ල ප්‍රදේශයේ දී බල්ලන්ගේ සපාකෑමට ලක්ව තුවාල ලබා සිටි මෙම සුදු උරුලෑවා ප්‍රදේශවාසීන් ට හමු වීමෙන් පසු වන ජීවියට භාර දී තිබේ. සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මෙම සුදු උරුලෑවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට භාර දීමට නියමිතය.

ලොව වේගවත්ම චිත්‍රපටය ලංකාවෙන් Video

ලොව වේගවත්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි ගිනස් වාර්තාව මංගල ගමන චිත්‍රපටයේ අධ්‍යක්ෂ නන්දන හේවාපන්න මහතා විසින් පිහිටුවමින් රටට කීර්තියක් අත්කර දී ඇත. ලෝකයේ වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් වාර්තාව පිහිටුවා ඇත්තේ මංගල ගමන චිත්‍රපටයයි.

පැය 1යි විනාඩි 25කින් යුත් මේ වෘත්තාන්ත චිත්‍රපටයේ පිටපත ලිවීමේ සිට තිරගත කිරීම දක්වා ඔහුට ගතවී ඇති කාලය පැය 71යි විනාඩි 19යි තත්ත්පර 21කි. 2014 මැයි 25 වැනි දින මංගල ගමන චිත්‍රපටය ලොව වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් ලෝක වාර්තාව තැබුවද එය ගිනස් කමිටුව විසින් පිළිගනු ලැබුවේ අගෝස්තු 09 වැනිදාය.

බාල වයස්කාර දැරිය දූෂණය කරලා

ලාතුඔය පොලිස් වසමට අයත් මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වූ බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට තලාතුඔය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් දූෂණය කළ බවට යුද හමුදා වෛද්‍ය බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු පෙරේදා (13දා) තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු වේරහැර ප්‍රදේශයේ කඳවුරක සේවය කරන්නෙකි.