සුදු උරුලෑවෙක්



නිකවැරටිය මහගිරිල්ල ප්‍රදේශයේ දී බල්ලන්ගේ සපාකෑමට ලක්ව තුවාල ලබා සිටි මෙම සුදු උරුලෑවා ප්‍රදේශවාසීන් ට හමු වීමෙන් පසු වන ජීවියට භාර දී තිබේ. සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මෙම සුදු උරුලෑවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයට භාර දීමට නියමිතය.