ලොව වේගවත්ම චිත්‍රපටය ලංකාවෙන් Video

ලොව වේගවත්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි ගිනස් වාර්තාව මංගල ගමන චිත්‍රපටයේ අධ්‍යක්ෂ නන්දන හේවාපන්න මහතා විසින් පිහිටුවමින් රටට කීර්තියක් අත්කර දී ඇත. ලෝකයේ වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් වාර්තාව පිහිටුවා ඇත්තේ මංගල ගමන චිත්‍රපටයයි.

පැය 1යි විනාඩි 25කින් යුත් මේ වෘත්තාන්ත චිත්‍රපටයේ පිටපත ලිවීමේ සිට තිරගත කිරීම දක්වා ඔහුට ගතවී ඇති කාලය පැය 71යි විනාඩි 19යි තත්ත්පර 21කි. 2014 මැයි 25 වැනි දින මංගල ගමන චිත්‍රපටය ලොව වේගවත්ම චිත්‍රපටය ලෙස ගිනස් ලෝක වාර්තාව තැබුවද එය ගිනස් කමිටුව විසින් පිළිගනු ලැබුවේ අගෝස්තු 09 වැනිදාය.

බාල වයස්කාර දැරිය දූෂණය කරලා

ලාතුඔය පොලිස් වසමට අයත් මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක් වූ බාල වයස්කාර දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට තලාතුඔය ප්‍රදේශයේ නිවෙසකට රැගෙන ගොස් දූෂණය කළ බවට යුද හමුදා වෛද්‍ය බළකායේ ලාන්ස් කෝප්‍රල්වරයකු පෙරේදා (13දා) තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු වේරහැර ප්‍රදේශයේ කඳවුරක සේවය කරන්නෙකි.

පාර්ලිමේන්තුවේ තවත් සුවිස් පුරවැසියෙක්

සුවිස් පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය කියයි.ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් බවද කියා සිටින ඈ නම හෙළිකිරීම ප්‍රතික්ෂේප කර ඇත.

3වෙනි ඔලිම්පික් රන් පදක්කමත් ගත්ත එංගලන්තයේ Farah

Farah dazzles කියන්නේ තුන්වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනු එකම බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩකයා.

මීටර් 10,000 පිරිමි දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ෆාරා ඊයේ සමත් වුණා. මීට අවුරුදු හතරකට පෙර ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරගයේද මේ ඉසව්වේ ජයග්‍රාහකයා ඔහු යි.

කිසිවෙකුත් නොසිතු වැඩක් ෆාරාට ඊයේ සිද්ධ වුණා.ඒ තරගය එක් වටයකදී ෆාරාගේ කකුල පැටලී බිම වැටීම නිසා.නමුත් උත්සහවන්ත මේ ක්‍රීඩකයා එයින් නොසැලී නැවත නැගිට දුවන්න පටන් ගත්තා. ඒ දිවිල්ල අවසන් වුණේ තුන්වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනු එකම බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩකයා වෙමින්.

නදීෂාගේ මගුලට දින තීන්දුවෙයි

නදීෂා හේමමාලි රංගන ශිල්පිණිය සහ ඇගේ පෙම්වතා වන භතීෂ ද සිල්වාගේ විවාහයට දින නියමවී ඇති බව කලා ලොවින් වාර්තා වනවා.ලබන මාසයේ දී ඔවුන්ගේ  මංගල උත්සවය පැවැත්වීමට නියමිතයි.

නදීෂාගේ පෙම්වතා වන භතීෂ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලින් අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසද කලක් කටයුතු කළා.නදීෂා හා භතීෂගේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.