ලොව වේගවත්ම චිත්රපට අධ්යක්ෂවරයාට හිමි ගිනස් වාර්තාව මංගල ගමන චිත්රපටයේ අධ්යක්ෂ නන්දන හේවාපන්න මහතා විසින් පිහිටුවමින් රටට කීර්තියක් අත්කර දී ඇත. ලෝකයේ වේගවත්ම චිත්රපටය ලෙස ගිනස් වාර්තාව පිහිටුවා ඇත්තේ මංගල ගමන චිත්රපටයයි.
පැය 1යි විනාඩි 25කින් යුත් මේ වෘත්තාන්ත චිත්රපටයේ පිටපත ලිවීමේ සිට තිරගත කිරීම දක්වා ඔහුට ගතවී ඇති කාලය පැය 71යි විනාඩි 19යි තත්ත්පර 21කි. 2014 මැයි 25 වැනි දින මංගල ගමන චිත්රපටය ලොව වේගවත්ම චිත්රපටය ලෙස ගිනස් ලෝක වාර්තාව තැබුවද එය ගිනස් කමිටුව විසින් පිළිගනු ලැබුවේ අගෝස්තු 09 වැනිදාය.




