නදීෂා උපන්දිනය සමරපු හැටි (PHOTOS)

නදීෂා හේමමාලිගේ උපන්දින උත්සවය පෙරේදා(10)පැවැත්වුණා.ඇගේ පෙම්වතා වන භතීෂ සහ මිතුරු මිතුරියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ වරයෙක් වන සුනෙත් කැලුම් සහ නිෂි තෙන්නකෝන් ද ඒ අතර වුණා.

නදීෂාගේ උපන්දින කේක් ගෙඩිය සකසා තිබුණේ ඇය කොස්සක් අතට ගෙන සිටින ආකාරයටයි.ඒ ඇය කොයි මොහොතේත් තමන් සිටින තැන පිරිසිදුව තබා ගැනීමට දක්වන රුචිකත්වය නිසායි.

විමල්ට කෝටි හතරහමාරක වාහනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට රුපියල් හාරකෝටි විසිහය ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය තිස් හතයි සත පනහක (රු. 42,671,337.50) වටිනාකමකින් යුත් තීරු බදු රහිත ටොයොටා ලෑන්කෘෂර් වර්ගයේ අති සුඛෝපභෝගී වාහනයක් ආනයනය කර ඇත.

මන්ත්‍රීවරුන්ට ලබා දෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් මෙම ජීප් රථය ආනයනය කර ඇති අතර හෝකන්දර දකුණ, හෝකන්දර, මංගල මාවත, 74 M ලිපිනයේ සිට බෙස්ට්එයාර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ් නම් වාහන ආනයනය කරන සමාගම මගින් ගෙන්වා ඇත.

ඉන්දියාවේ ලක්ෂ 03ක කාර් එකක් ලංකාවට

ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන ‘ඩට්සුන් රෙඩි ගෝ‘ (Datsun Redi-Go) මොටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම මොටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිතය.

රාජිතගේ පුත් ‘එක්සත්ගේ’ මංගල උත්සවය අද

Rajitha senaratne's son's wedding
අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ දෙටුපුත් එක්සත් සේනාරත්න අද (12) කොළඹ හිල්ටන් හෝටලයේදී යුගදිවියට එළඹියේය.ඔහුගේ අත ගත්තේ දිනිති ආලෝකා රණසිංහය.

මෙම විවාහ මංගල්‍ය සඳහා ප්‍රධාන පෙළේ අමුත්තන් රැසකට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.


යෝෂිතට FCIDයට එන්න කියලා

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඉඩමක් රුපියල් මිලියන පන්සිය ‍ෙදාළහකට මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳව චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂට හා ඔහුගේ මිත්තණියට ලබන 25 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (11දා) නියෝග කළාය.

සිද්ධියට අදාළ නඩුව ගල්කිස්ස අධිකරණයේ ඊයේ කැඳවූ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක වීරවර්ධන සහ තුසිත සිල්වා කරුණු දක්වමින් සැකකාර යෝෂිත රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇති ඉඩම් හතරක පිඹුරුපත් ලබා දෙන ලෙස ගංගොඩවිල, දෙල්කඳ පිහිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් කරන ලෙසත් මිහිඳු මාවතේ ඇති ඉඩමේ ඔප්පුවල මුල් පිටපත් රැගෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එන ලෙසත් නියෝගයක් කරන්නැයි ඉල්ලා සිටියේය.