ඉන්දියාවේ ලක්ෂ 03ක කාර් එකක් ලංකාවට

ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන ‘ඩට්සුන් රෙඩි ගෝ‘ (Datsun Redi-Go) මොටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ලබන සැප්තැම්බර් මාසයේ සිට මෙම මොටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිතය.

එහි මිල ඉන්දීය රුපියල් දෙලක්ෂ හැටදහසත් – ලක්ෂ 3ත් අතර පවතින බවයි සඳහන් වන්නේ්‍.

නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටා ඇති ශාඛාවේ නිෂ්පාදිත මෙම මොටර් රථය මේ වන විට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන්.

ඩට්සුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආම්භ කර ඇත්තේ වසර 59කට පසුව වීම විශේෂත්වයක්.

800cc ක එන්ජින් ධාරිතාවක් හිමි මෙම රථයේ 2-DIN audio system, power steering, front power windows, LED DRLs and a driver side airbag ඇතුළු බොහෝ පහසුකම්ද අන්තර්ගත වන බවයි පැවසෙන්නේ.