සචිනි අයේන්ද්‍රාට වහ වැටුණු කෙනෙක් ඉඳලා. මෙයා සචිනි ඉන්න නිර්මාණ එකක් නෑරම බලපු කෙනෙක්. මෙයා කොහෙන් හරි සචිනිගේ දුරකතන අංකය සොයාගෙන සචිනිට කතා කරනවා කතා කරනවා ඉවරයක් නැතිලු. සාමාන්‍යයෙන් රසිකයකු කලාකරුවෙකුට වධයක් වුණත් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් සචිනිත් මේක සොඳුරු කරදරයක් හැටියට මැදිහත් සිතින් සලකලා.
ඔන්න දිනක් මේ කෙනා සචිනිව දැක බලා ගන්න ආසයි කිව්වලු. ගේ තියෙන තැනත් ඇහැව්වලු. සචිනි කියලා නැහැ. ඔන්න දවසක් සචිනි ගියාලු අයි. ටී. එන්. එකේ වැඩ සටහනක් සඳහා. ඒක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා සචිනි නිදාගන්න හදන කොට කෝල් ඒකක් එනවලු අර තැනැත්තාගෙන්.




