අන්තර්ජාලය කියන්නේ ඇත්ත මෙන්ම බොරුව ද පවතින තැනක්.අන්තර්ජාලයේ ඇති තොරතුරු සමුදායෙන් ඇත්ත වෙන්කර ගැනීම සැබැවින්ම හිතන තරම් ලෙහෙසි වන්නේ නැහැ.
මේ බව සනාථ කරමින් දිනපතාම පාහේ ව්‍යාජ ලෙස සැකසූ වීඩියෝ දසුන් Youtube ජාලයට එකතු වෙමින් පවතිනවා.දේවස්ථානයක ඉදිකර ඇති ජේසුස් වහන්සේගේ පිළිරුවක් ඇස් හැර බල නැවතත් ඇස් පියාගැනීමේ දසුන් පෙලක් දැක්වෙන වීඩියෝවක් මේවන විට ලොව පුරා Youtube පරිශීලකයින් කම්පනය කරන්නට සමත් වෙලා.




