2012 වසරේ මැයි මස සිට මේ දක්වා මාරක රිය අනතුරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර එම අනතුරු අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් කැඳවා නැති එකම රිය අනතුර 2012 මැයි 17 දින සිදුවූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අනතුර බව අනාවරණය වේ.
නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල එම අනතුර සිදුවී තිබුණි. වසීම් තාජුඩීන්ගේ මරණය පසුව ඝාතනයක් බව රහස් පොලිසිය මගින් හෙළිකර ගනු ලැබුවත් 2012 එම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය තීරණය කර තිබුණේ තාජුඩීන්ගේ මරණය මාරක රිය අනතුරකින් සිදුවූ මරණයක් බවයි.



