ශ්‍රී ලංකාව සමඟ සෙනසුරාදා (13දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වුවහොත් තවදුරටත් ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් ශේර්ණි සටහනේ පෙරමුණ ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.
මේ වනවිට ටෙස්ට් ශේ්රණි ලකුණු 118ක් ලබා ඇති ඕස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වුවහොත් ශේ්රණිගත ලකුණු 108ක් දක්වා අඩු වී යා හැකි අතර, ඉන්දියානුවන් කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගතහොත් (මේ වනවිට ඉන්දියාව තරගාවලිය 2-0ක් ලෙස ඉදිරියෙන් සිටී) ඉන්දියාවට ටෙස්ට් අංක එක ලබාගැනීමට හැකියාව පවතී.




