හමුදාපතිට සේවා දිගුවක්

වත්මන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාට සේවා දිගුවක් ලබා දීමට තීරණය වී ඇති නමුදු ඒ කෙතරම් කාලයකට ලබා දෙන්නේද යන්න ගැන ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක මත ගැටුම් නිසා යළි මහ බැංකු අධිපති ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූකාරිත්වයට සමාන තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතාට පසුගිය වසරේ දී ලබා දුන් සේවා දිගුව මෙම මස 31 දායින් අවසන් වීමට නියමිතය. ඔහු ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් හි දී කටයුතු කළ ආකාරය ගැන පැහැදීම නිසා තවදුරටත් ඔහුට සේවා දිගුවක් ලබා දීම ජනාධිපතිවරයාගේ කැමැත්ත වී තිබේ. 

රතු අලි නිල් අලි පාද යාත්‍රාවෙන් කලබල වෙලා

අද ආණ්ඩුවට පාද යාත්‍රාව අභියෝගයක් වෙලා. කඩා වැටුණු ආණ්ඩුව රැකගෙන ඉන්නේ නිල් අලි පැටව් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පෙරේදා (06) ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උඩුගම්පල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුග මහතා මෙසේද කිීවේය.

සිංහල සිසුන් යළිත් යාපනේ සරසවියට

යාපනය විශ්වවිද්‍යාලයේ තමන්ට ඇති ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය හැකි නිසා යළි විශ්වවිද්‍යාලයට යෑමට සූදානම් බව සිංහල සිසුහු පවසති.

ජනාධිපතිවරයා තම ආරක්ෂාව සම්බන්ධයෙන් ලබා දුන් ‍පොරොන්දුව අනුව තමන් යළි අධ්‍යාපන කටයුතු සඳහා සහභාගිවීමට තීරණය කළ බවත් එම සිසුහු පවසති.මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ‍ලේකම් ධනුජන මහතා සඳහන් කළේ සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති බවත් අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සියලු පාර්ශ්ව සිය එකඟතාව පළ කර ඇති බවත්ය.

ඇමැති පුතෙක් බලෙන් වයඹ කැලෑ කපයි

වයඹ පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකුගේ පුත්‍රයකු කුලියාපිටිය ‍පොලිස් කොට්ඨාසයේ වන රක්ෂිතවල බලහත්කාරයෙන් මහා පරිමාණ දැව ජාවාරමක නිරත වන බව ‍පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුත්‍රයා දේශපාලනයට සම්බන්ධ අයකු වන අතර අමාත්‍යවරයාටත් පුත්‍රයාටත් මැතිවරණ සමයේදී උදව් සැපයූ ඡන්ද ආධාරකරුවන් විසින් මෙම පාරිසරික විනාශය සිදුකරමින් තිබෙන බව වාර්තා වේ.

අක්‌කා නගාලට අතවර කළ සීයා අත්අඩංගුවට

එකම පවුලේ බාල වයස්‌කාර අක්‌කා නගෝ තිදෙනකුට ඔවුන්ගේ ලොකු තාත්තා විසින් ලිංගික අපයෝජනය සිදුකළ බවට දැරියන්ගේ මව විසින් අක්‌මීමන පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම අපයෝජනයන්ට ලක්‌වී ඇත්තේ වයස අවුරුදු 8,4, සහ අවුරුදු දෙකහමාරක සහෝදරියන් තිදෙනෙකි.