මෙරට පිරිමි දරුවකු ලෙස ඉපිද පසුව කාන්තාවක් බවට පරිවර්තනය වූ හෙවත් ලිංගික සංක්‍රාන්තියට (ට්‍රාන්ස්‌ජෙන්ඩර්) පත් වුවත් තමන්ට "ස්‌ත්‍රීන්' බව හඟවන ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන ලෙසට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර තිබේ.
දැනට තමන් සතුව පවතින ජාතික හැඳුනුම්පත්වල "පිරිමි" වශයෙන් සඳහන් කර තිබීම හේතුවෙන් පොදු ස්‌ථානවලට හා ඡන්ද මධ්‍යස්‌ථාන වෙත යන අවස්‌ථාවලදී කාන්තාවන් වශයෙන් පෙනී සිටීම නිසා තමන්ට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුවන බව මෙරට ලිංගික සංක්‍රාන්තියට පත් ප්‍රජාව පවසා සිටිති.




