මන්ත්‍රී නිශාන්ත නිදහස් පක්ෂයෙන් නෙරපයි

පුත්තලම දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, රූපවාහිනී වැඩසටහනකදී පක්ෂය සහ පක්ෂ නායකත්වය පිළි නොගන්නා බවට ප්‍රකාශ කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා බව ය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ සම්මුඛ පරීක්ෂණ ලිපි ගිනි තැබූ පක්ෂ සාමාජිකයින්ට ද එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ති‍බේ.

ඒ, ජනාධිපතිතුමා සමග ඊයේ රාත්‍රියේ පැවදි විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ය.

ඊයේ පස්වරුවේ ආරම්භ වූ මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිහිප දෙනෙකු ද ඊට එක්ව සිට ඇත.