නිවාස කොල්ලකමින් එම නිවෙස්වල ජීවත් වූ කාන්තාවන්ගේ යට ඇඳුම්ද සොරා ගන්නා විකෘති කාමාශාවන්ගෙන් පෙළුණු පුද්ගලයකු මුල්ලේරියාව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් මල්වාන ඇටම්පිටිය ප්රදේශයේදී පෙරේදා (02දා) අත්අඩංගුවට ගෙන ඇත.
පෙර වැරැදි කිහිපයකට බන්ධනාගාර ගතව සිට නැවැත නිදහස ලබා පැමිණ ඇති සැකකරු අතුරුගිරිය, මහරගම, නවගමුව යන ප්රදේශවල සිදුවූ නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයකු බවත් ඔහු විදුලි පරිපථ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබ ස්වයං රැකියාවක් ලෙස කලක් විදුලි උපකරණ නඩත්තු ආයතනයක් පවත්වාගෙන යමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.




