අරවින්ද ගැන දයාසිරිට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ලබන අරවින්ද ද සිල්වා මහතා විදෙස් ක්‍රිකට් පුහුණුකරුවන් ලංකාවට ගෙනඒමේදී කොමිස් මුදල් ලබාගන්නා බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට තවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු පැමිණිල්ලක් කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ පැමිණිලි කර ඇති ටෙසට් ක්‍රීඩකයා 1996 වසරේ ලෝක කුසලානය ජග්‍රහණය කළ පිලේ අරවින්ද සමඟ එකට ක්‍රීඩා කළ අයකු බවද පැවසේ.

මීට පෙරද අදාළ ක්‍රීඩකයා අරවින්ද තරග පාවාදීම්වලට සම්බන්ධ බවට ඉඟිකරන ප්‍රකාශයන් මාධ්‍යට ලබාදී තිබූ අතර එවකට ජනපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා මොහු කැඳවා එවැනි ප්‍රකාශයන් නොකරන ලෙසට තර්ජනය කර තිබූ බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් විමසීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනිමට උත්සාහ කළද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතකර තිබීම නිසා එය අසාර්ථක විය.