දරුවකු යොදා පක්ෂයට මඩ ගැසීම නින්දාවක්

පාද යාත්‍රාවට කුඩා දරුවකු යොදාගෙන මඩ ගැසීම, දරුවන් සුරකින, ආරක්ෂා කරන, ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කළ ඉමහත් නින්දාවක් සහ අපහාසයක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

මෙහි දී කුඩා දරුවකු යොදා ගනිමින් පාද යාත්‍රාව අතරතුර දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පක්ෂ නායකත්වයට අපහාස වෙන අයුරින් කළ ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත ගෙන හැර දක්වමින් ඇමැතිවරයා එසේ සඳහන් කළේය. ඇමැතිවරයා එසේ සඳහන් කළේ කොළඹ මල් පාරේ පිහිටි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ(2)දා පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

දුෂ්යන්ත්ගෙ කාර් එකේ කෙල්ලෙක්

ගායකයෙක්, නර්තන ශිල්පියෙක් හා නිවේදකයෙක් වන දුෂ්යන්ත් වීරමන්ගේ වාහනයට ගොඩව සිටි රසිකාවියක් වාහනයෙන් ඉවත් කිරීම සදහා පොලීසියේ පිහිට පැතීමට ඔහුට සිදුව ඇතැයි වාර්තා වේ.

ඊයේ (01) සන්ධ්‍යාවේදී රූපවාහිනී වැඩසටහනක් නිමකර නිවස බලා යාමට තම වාහනය අසලට පැමිණෙද්දී ඔහු මෙම ඇබැද්දියට මුහුණ පා ඇතැයි පැවසේ.

මෛත්‍රී හිටපු ගෙදර මහින්දට

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා විසින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් තමන්ට පදිංචි වීමට කොළඹ අවට නිවසක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තේරීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පදිංචි වී සිටි නිවස බව වාර්තා වේ. නමුත් දැනට එය රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ලබාදී ඇති බැවිත් එය ප්‍රතික්ෂේප වී ඇත.

පාද යාත්‍රාව අතිශයින් අසාර්ථකයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අතිශයින්ම අසාර්ථක වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (01) පැවසුවාය.වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිතුමිය මේ බව සඳහන් කළාය.

පාද යාත්‍රාව සාර්ථක ද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ පෙනෙන විදියට එය අසාර්ථක බවය.

පාද යාත්‍රාව සාර්ථකයි

පාද යාත්‍රාව සාර්ථක බවත් ආණ්ඩුව පළවා හැරීමට බඩ ගැන නොසිතා රට ගැනි සිතා කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (01දා) ගාල්ලේදි පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ “ඒවා ඉතින් දේශපාලනයෙන්. ඒවා කතා නොකර ඉමු. ඒක සාර්ථකව ඉදිරියට ඇඳනෙවා. පාද යාත්‍රා නෙමෙයි තව ටික කාලයක් යනකොට මිනිස්සු ගම්වල ඉදන්ම ගල් මුල් අරගෙන පාරට බහියි. අනාගත කාලයේදී මිනිසුසු වීදි සටන් කරන්න වෙයි.