දුෂ්යන්ත්ගෙ කාර් එකේ කෙල්ලෙක්

ගායකයෙක්, නර්තන ශිල්පියෙක් හා නිවේදකයෙක් වන දුෂ්යන්ත් වීරමන්ගේ වාහනයට ගොඩව සිටි රසිකාවියක් වාහනයෙන් ඉවත් කිරීම සදහා පොලීසියේ පිහිට පැතීමට ඔහුට සිදුව ඇතැයි වාර්තා වේ.

ඊයේ (01) සන්ධ්‍යාවේදී රූපවාහිනී වැඩසටහනක් නිමකර නිවස බලා යාමට තම වාහනය අසලට පැමිණෙද්දී ඔහු මෙම ඇබැද්දියට මුහුණ පා ඇතැයි පැවසේ.

19 වැනි වියේ පසුවන උසස්පෙල හදාරන සිසුවියක වන ඇය පුවත්පත් කර්තෘ වරයෙකුගේ දියණියක බවද වැඩිදුරටත් වාර්තා වේ.

කතා බහකින් අනතුරුව සිද්ධිය සමතයකට පත් වූ අතර පොලිසිය විසින් රසිකාවියට අවවාද කර මුදාහැර තිබේ.

එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.