පාද යාත්‍රාව අතිශයින් අසාර්ථකයි

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අතිශයින්ම අසාර්ථක වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (01) පැවසුවාය.වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිතුමිය මේ බව සඳහන් කළාය.

පාද යාත්‍රාව සාර්ථක ද යන්න පිළිබඳ මාධ්‍යවේදියකු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසූ අවස්ථාවේ ඇය පැවසුවේ පෙනෙන විදියට එය අසාර්ථක බවය.

පාද යාත්‍රාව සාර්ථකයි

පාද යාත්‍රාව සාර්ථක බවත් ආණ්ඩුව පළවා හැරීමට බඩ ගැන නොසිතා රට ගැනි සිතා කටයුතු කළ යුතු බවත් බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ අද (01දා) ගාල්ලේදි පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ “ඒවා ඉතින් දේශපාලනයෙන්. ඒවා කතා නොකර ඉමු. ඒක සාර්ථකව ඉදිරියට ඇඳනෙවා. පාද යාත්‍රා නෙමෙයි තව ටික කාලයක් යනකොට මිනිස්සු ගම්වල ඉදන්ම ගල් මුල් අරගෙන පාරට බහියි. අනාගත කාලයේදී මිනිසුසු වීදි සටන් කරන්න වෙයි.

අවසන් රැළියට කැම්බල් පිටිය ලැබෙයි

ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැළිය පැවැත්වීමට බොරැල්ල කැම්බල් පිටිය ලැබී තිබෙනවා.ඊට අදාළ අවසර පත්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙන වීඩියෝව පහතින් දැක්වෙයි.

පූජිතයා කැමති නෑ - මේකද යහපාලනේ Video

අද දිනයේ කොළඹට පැමිණීමට නියමිත ජන සටන පාද යාත‍්‍රාවට තවත් අපුරු සටන් පාට කිහිපයක් එක්ව තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර ඉලක්ක කරමින් නිර්මාණය වී ඇති එම සටන් පාඨ මෙසේයි.







ජනසටන අවසන් රැළිය ගෝල්ෆේස් පිටියේ

ඒකාබද්ද විපක්‍ෂය විසින් සංවිධානය කර කොළඹ බලා ගමන් කරමින් ඇති ජනසටන පාද යාත‍්‍රාව අවසානයේ පවත්වන ජනරැළිය කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත යයි තහවුරු නොකල ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් එහි ශබ්ද විකාශන යන්ත‍්‍ර, විදුලි අලෝකය සවි කිරීම ආදි තාක්‍ෂණික කරුණු කිහිපයක් ඇති නිසා හදිසියේ එම පියවරට යාමට අසීරු යයිද සාකච්චා වෙමින් ඇති බව පැවසෙයි.