පක්ෂ විනය කඩකරමින් ශ්‍රීලනිපය දෙකඩකිරීමේ අරමුණින් පාද යාත්‍රා යන පිරසට එරෙහිව විනයානුකූල පියවරගෙන ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරදැමීමට පියවර ගන්නා බව සමාජ සුබ සාධන හා සමාජ සවිබලගැන්වීමේ ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයයැයි කියා ගනිමින් මෙම පිරිස පක්ෂයට සිදුකරන හානිය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බවත් ශ්‍රීලනිපය ප්‍රතිසංවිධානය සඳහා මෙම පිරිස ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධාකවරුන් පත්කරන බවද ඒ මහතා කීය.




