යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී එම විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට කළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අදාළ පහරදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.
එම උත්සවයේදී සිංහල සංස්කෘතිකාංගයක් ප්‍රදර්ශනය කිරීම මෙම අන්තවාදී ප්‍රචණ්ඩකාරී පහරදීමට හේතුවී ඇති බවද සිංහල අනන්‍යතාව සහිත සංස්කෘතිකාංග තම ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය නොකළ යුතු බවට තර්ජනය කරමින් ඉහත පහරදීම සිදුවී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.




