ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ත් 50ත් අතර කාන්තාවන් පිරිසක් බව සදහන්.

ඔවුන් පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාළඹේ සහ දඹුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිස් නිවේදනයේ දැක්වෙන්නේ.

තුර්කි හමුදා කුමන්ත්‍රණය අවසන්

තුර්කි හමුදා කුමන්ත්‍රණය අවසන් බව එරට ජනාධිපති තයිප් එරඩගන් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඔහු කියා සිටියේ, රටේ පාලනය තම ආණ්ඩුව යටතේ ඇති බව ය.

කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ තව ත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ගෙන යන බව තුර්කි බලධාරීහු පවසති.

යෝෂිතගේ රත්මලානේ නිවස විකිණීම තහනම්

අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් යොදවා කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්ස් (CSN)ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඩේසි ෆොරස්ට් යන අය නමින් රත්මලාන ප්‍රදේශයෙන් මිලදී ගත් නිවස සහිත ඉඩම විකිණීම, අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය ඊයේ (15) නුගේගොඩ ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝගයක් නිකුත් ක‍ළාය.

කොළඹට හෙට වතුර නැහැ

කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට දහවල් 12.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ හා ගොඩගම හා මීපේ, හංවැල්ල, කළුඅග්ගල හා පාදුක්ක යන ප‍්‍රදේශවලට ජාල සැපයුම අත්හිටුවනු ලැබේ.

රත්තරං මිනිසා ඝාතනය කරයි!

ඉන්දියාවේ රත්තරං මිනිසා යන අනවර්ථ නාමයෙන් හැඳින්වූ දත්තා පූගේ නම් කෝටිපති ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ ඝාතනය කර තිබෙනවා.

කැරට් 22 රනින් නිමවූ ඉන්දීය රුපියල් කෝටියක් පමණ වටිනා කමිසයක් සහ තවත් කිලෝ ගණනක රන් ආභරණ පැලඳු නිසා මොහු ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූවා.