කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇම්. ඩී. සෝමරත්න මහතා ප්‍රවෘත්තියක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේ තමාට අමානුෂික ලෙස බැණ තර්ජනය කළ බවට කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා බිංගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඉකුත් 11 වැනි දින ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිමෙන්ති බෙදාදීමේ උත්සවයක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේ දිනෙත් කුමාර මහතා මෙම සිද්ධියට මුහුණපා තිබේ.




