
ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇති වාහනවල පැවැරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම මෙන්ම විවෘත ලේඛන මගින් පැවැරීම හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමි වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ ඇත.
මේ හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලටද ගැටලු මතුවීම හේතුවෙන් 2011 වසරේදී ප්‍රමාද ගාස්තු ක්‍රමයක් හඳුන්වා දුන්නද අපේක්ෂිත අරමුණු ඉටු වී නැත.
මෝටර් වාහන ලියාපදිංචිය සඳහා පෙළඹවීම ඇති කිරීමේ අරමුණින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
රන්මලී සෝමසිරි