ජාතික රූපවාහිනි මාධ්‍යවේදියාට තර්ජන

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇම්. ඩී. සෝමරත්න මහතා ප්‍රවෘත්තියක්‌ ආවරණය කිරීමට ගිය අවස්‌ථාවේ තමාට අමානුෂික ලෙස බැණ තර්ජනය කළ බවට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා බිංගිරිය පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.

ඉකුත් 11 වැනි දින ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිමෙන්ති බෙදාදීමේ උත්සවයක්‌ ආවරණය කිරීමට ගිය අවස්‌ථාවේ දිනෙත් කුමාර මහතා මෙම සිද්ධියට මුහුණපා තිබේ.

හුවමාරු වාහන ලියාපදිංචියට සහන කාලයක්

විවෘත පැවරීම් ‍ලේඛන මගින් පුද්ගලයින් අතර හුවමාරු වන මෝටර් වාහනවල අයිතිය ලියාපදිංචි කරවා ගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දීමටත් එහිදී ගෙවීමට සිදුවන අතිරේක ගාස්තුවෙන් නිදහස් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ලියාපදිංචි අයිතිකරු මාරු වී බොහෝ කාලයක් ගත වී ඇති වාහනවල පැවැරීම ලියාපදිංචි කිරීමකින් තොරව මුල් අයිතිකරු නමින්ම භාවිතා කිරීම මෙන්ම විවෘත ‍ලේඛන මගින් පැවැරීම හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමි වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ ඇත.

සොහොයුරා දැරිය දුෂණය කරයි

පිටබැද්දර පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක් නිවසේ දි දුෂණය කර ඇතැයි පැවසෙන ඇයගේ 18 හැවිරිදි බාල සොහොයුරා පිටබැද්දර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇත.

මෙම දැරිය පාසලේ 07 වසරේ ඉගෙනුම ලබන තැනැත්තියෙකි. 2016 මාර්තු මාසයේදි ඇය දුෂණයට ලක්කිරිමෙන් අනතුරුව මෙම සිද්ධිය කාටහරි පැවසුවොත් මරාදමන බවට තර්ජනය කරමින් කිහිප දිනක්ම ඇය දුෂණයට ලක්කර ඇත. ඇයට මෙම වදහිංසා ඉවසාගැනිමට නොහැකිව පාසලට ගියවිට පන්තිය භාර ගුරුතුමියට පැවසිමෙන් පසු විදුහල්පතිවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිනිල්ල අනුව සැකකාර සොහොයුරා අත්අඩංගුවට ගෙනඇත.

මහින්දයි - බැසිලුයි හිටපු පුංචි මන්ත්‍රීවරු හමුවෙති

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසඳය අතර විශේෂ සාකච්ජවාක් නෙලුම් මාවතේ පිහිටි කාර්යාලයේදී පැවැත්වා තිබෙන බව වාර්තා වෙනවා.

මෙම සාකච්ඡාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගිවී සිටිය බවත් වාර්තා වෙනවා. මෙම සාකච්ඡාවට පැමිණි සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනම දේශපාලන මතවාදයක් සමග නව පක්ෂයක් ආරම්භ කිරීමට හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වෙනවා.

නිශා බිස්වාල්ගෙන් cookery පාඩමක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශාබිස්වාල් මහත්මිය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතා සමග ජාතික රූපවාහිනියේ විකාශය වන ඉවුම් පිහුම් වැඩසටහනකට සහභාගිව විය.
මෙම වැඩසටහනට ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාද සහභාගී විය.