මුසම්මිල්ට ඇප නෑ

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඒ අනුව මුසම්මිල් මහතා ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොදු දේපළ පනත යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා ඉකුත් ජූනි මස 20 වන දින අත්අඩංගුවට ගැනුණි.

නාමල් අත්අඩංගුවට ගැනීමේ B වාර්තාව

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉන්දියාවේ ක්‍රීෂ් නමැති සමාගම කොළඔ කොටුව ට්‍රාන්ස් වර්ක්ස් හවුස් ආසන්නයේ පිහිටි ඉඩමක (වර්තමානයේ හිල්ටන් හෝටලයේ තාවකාලික රථ ගාල ඇති ස්ථානය) ඇමරිකානු ඩොලර් මිලියන 650ක් වටින හෝටල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කිරීම මගින් රුපියල් මිලියන 450ක කොමිස් මුදලක් ලබා ගැනීම පිළිබඳව එල්ල වූ චෝදනාවකටය.

මේ ගණුදෙණුවට දේශපාලනඥයින් තිදෙනෙකු ප්‍රමුඛ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගේ නම් පැටලී තිබේ.

නාමල්ට නිවසින් කෑම ගෙන ඒමට අවසර

රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ ආහාර ලබා ගැනීම වෙනුවට නිවසින් ආහාර ගෙන ඒමට බන්ධනාගාර අධිකාරිවරයාගෙන් ඊයේ (12) ඉල්ලීමක් කර තිබේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ විශේෂ ආරක්ෂාවක් සහිතව නාමල් රාජපක්ෂ මහතා රඳවා ඇති බවද බන්ධනාගාර උසස් නිලධාරියෙක් පැවසීය.

නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පිළිගෙන ඇති අතර ඒ අනුව ඊයේ (12) සිට ඒ මහතාට නිවසින් ආහාර ගෙනවිත් අනුභව කිරීමට අවස්ථාව ලබා දී ඇතැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
චාමර අමරසූරිය

බැංකුවේ අක්කාට ගල් ගහලා මරමු !

මේ දවස්වල ෆේස් බුක් එක පුරා ජනප්‍රිය වෙලා යන වීඩියෝවක් තියෙනවා. ඒකට ෆේස් බුක් ලෝලීන් විසින්ම නමක් දාල තියෙනවා “බැංකු අක්කාගේ වීඩියෝව“ කියලා.මේ වීඩියෝව ඉතා වේගයෙන් හුවමාරු වෙමින් තියෙනවා. මේ විඩියෝව බලන ලංකාවේ ගොඩාක් අය ඒ නම තියෙන බැංකුවක් දිහා බලන්නෙත් නිකං අමුතු විදිහට. 

ඒ බැංකුවක වැඩකරන Staff එක දිහා බලන්නෙත් වෙනස් විදිහට.ඇයි මෙහෙම වෙලා තියෙන්නේ . ලෝකේ මානව සමාජය නිර්මාණය වෙන්නත් කලින්, භාෂාව නිර්මාණය වෙන්නත් කලින් බිහිවුන ලිංගිකත්වය අද අපිට මාර මැජික් එකක් වෙන්නේ කොහොමද?

මිල අඩු කෙරෙන භාණ්ඩ ලයිස්තුව මෙන්න

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යවශය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය හෙට (13) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ අද (12) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් පළ කළා.

එහිදී හෙතෙම පැවසුවේ දීර්ඝ කාලයක් සඳහා මෙම නම් කෙරෙන භාණ්ඩ ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි.