ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව මුසම්මිල් මහතා ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොදු දේපළ පනත යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා ඉකුත් ජූනි මස 20 වන දින අත්අඩංගුවට ගැනුණි.




