ඉෂිතා යුගදිවියට (Photos)

ඉන්දීය පුංචි තිරයේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන දිව්යංකා ට්‍රිපාති හා විවේක් දහියා පසුගිය සිකුරාදා දින විවාහප්‍රාප්ත විය.

‘මේ ආදරයයි’ මෙගා ටෙලිනාට්‍යයේ ඉෂිතා ගේ චරිතය රඟපාන දිව්යංකා හට විවේක් ව හමුව තිබුනේ ද මෙම ටෙලිනාට්‍යයේ දර්ශන තල වලයි.

විවේක් එම ටෙලිනාට්‍යයේ පණපොවන්නේ අභිෂේක් සිං නැමැති පොලිස් නිලධාරියා ගේ චරිතයටයි.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ලංකාවට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල වසර 5කට පසුව ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරග සංචාරයක් උදෙසා ඊයේ මෙරටට පැමිණියේය. ඔස්ට්‍රේලියානු පිලේ මුල්ම පුහුණු තුන්දින තරගය මේ 18වැනිදා පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සමග පැවැත්වේ.

සංචාරයේ පළමු ටෙස්ට් තරගය ජූලි 26 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියෙන් ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 4වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හා තෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13වැනිදා කොළඹ එස්. එස්. සී පිටියේදී පැවැත්වේ. එක්දින තරග 5කින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම අගෝස්තු 21 සහ 24 දිනවල කොළඹ ආර්. ෙප්‍ර්මදාස ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී ලෙස පැවැත්වෙන අතර, 3 වැනි සහ 4 වැනි එක්දින තරග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී අගෝස්තු 28 සහ 31 දිනවල පැවැත්වේ. අවසන් එක්දින තරගය සැප්තැම්බර් 4 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට දින නියම කොට තිබේ. විස්සයි 20 තරග දෙක සැප්තැම්බර් 6 දා පල්ලේකැලේදී හා සැප්තැම්බර් 9දා ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ.

28දා පාද යාත්‍රාව: බැසිල් සාකච්ඡාවක

මහනුවරින් මෙම මස 28 දින ආරම්භ කිරීමට නියමිත ජන සටනට පණ පොවන පාද යාත්‍රාවට ජනතාව සම්බන්ධ කරගැනීම අරමුණුකරගනිමින් ඊයේ (11) මහනුවර මහයියාවේ පිහිටි ලොහාන් රත්වත්ත මහතාගේ නිවසේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම පාද යාත්‍රාව සඳහා අතිවිශාල පිරිසක් එක්රැස්කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගිවූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට උපදෙස් දී තිබෙන අතර ඒ සඳහා වැයවන මුදල් ලබාදීමට ද එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

සම්බල්තිව්හි බෝධිය කපා විනාශ කරති

කිසියම් පිරිසක්‌ විසින් පෙරේදා (10 දා) රාත්‍රියේ ත්‍රීකුණාමලය සම්බල්තිව් ප්‍රදේශයේ පිහිටි බෞද්ධයන් විසින් වන්දනා කරනු ලබන බෝධියක්‌ කපා විනාශකර දමා බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටි බුදු කුටිය කඩා ප්‍රතිමා වහන්සේ අතුරුදන් කර ඇත.

තිරියාය වන්දනා කරන්නට යන බැතිමතුන් බොහෝ දෙනෙක්‌ මේ ස්‌ථානයට පැමිණ වන්දනා කර බෝ වෘක්‍ෂය ඔවුන්ගේ ගිමන් නිවන ස්‌ථානයක්‌ බවට පත් කරගෙන තිබිණි.

නාමල් විශේෂ සිර මැදිරියක

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණ නියෝග මත ලබන 18 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ E වාට්ටුවේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇත. ඊයේ (11) සවස 6.30ට පමණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර ඔහුව බන්ධනාගාර නාමලේඛනයේ ලියාපදිංචි කර විශේෂ සිරමැදිරියක රැඳවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

විශේෂ ආරක්ෂාව ලද සිරකරුවන් කිහිපදෙනකු සමඟ මැගසින් බන්ධනාගාර වාට්ටුවක රඳවා සිටින නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) රාත්‍රී බන්ධනාගාර රැඳවියන්ට බන්ධනාගාරය මඟින් සපයන සුපුරුදු ආහාරවේල ලබා නොගත් බව උපුල්දෙණිය මහතා පැවැසීය.