
මෙම පාද යාත්‍රාව සඳහා අතිවිශාල පිරිසක් එක්රැස්කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගිවූ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට උපදෙස් දී තිබෙන අතර ඒ සඳහා වැයවන මුදල් ලබාදීමට ද එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.
මෙම රැස්වීමට සහභාගිවීමට පෙර බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (11) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට ද ගොස් ඇත.
මෙම රැස්වීම සඳහා මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් අතරින් වීරසිංහ අලුත්ගමගේ මහතා ඇතුළු කිහිපදෙනකු පමණක් සහභාගීවී ඇති අතර සාකච්ඡා අවස්ථාව ආවරණය කිරීමේ අවස්ථාව මාධ්‍යයට ලබානොදීමට සංවිධායකයන් පියවරගෙන තිබිණි.
මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණවීර, කෙහෙළිය රඹුක්වැල්ල, දිළුම් අමුණුගම, මහනුවර හිටපු නගරාධිපති සේන දිසානායක, හාරිස්පත්තුව හිටපු ප්‍රදේශීය සභා සභාපති ආන්නද ජයවිලාල් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවී තිබේ.