ඩෙංගු මරණ 40ක්‌

මෙම වසරේ (2016) මේ දක්‌වා (මාස හයයි දින නවයක්‌ තුළ) ඩෙංගු උණ රෝගය හේතුවෙන් දිවයිනේ පුද්ගලයන් 40 දෙනකු පමණ මරුමුවට පත්ව තිබේ.

මෙම ජුලි මාසයේ ගත වූ දින නවය තුළදී පමණක්‌ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1056 ක්‌ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම වසරේ මේ දක්‌වා වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,799 කි.

අයිඕසී ඉන්ධන මිල නග්ගයි

ඉන්දියන් තෙල් සමාගම (අයි.ඕ.සී.) පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා තිබේ.

මෙලෙස ඉන්දියන් තෙල් සමාගම ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ අදාළ ගිවිසුම් උල්ලංඝනය කරමින් යෑයි ශ්‍රී ලංකා ස්‌වාධීන නිදහස්‌ සේවක එකමුතුවේ උප සභාපති ජීවක රුවන් රූපසිංහ මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට අයත් සිපෙට්‌කෝ ඉන්ධනහල්වල ඉන්ධන මිල ගණන් ඉහළ දමා නොතිබියදී ඉන්දියන් තෙල් සමාගම හිතුමතේ මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක්‌ සිදුකරන බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති පවසයි.

දැන් ඡායා කැබිනට්ටුවක් නැහැ

අගමැති ඉවත්වන විට කැබිනට් මණ්ඩලයම ඉවත්වන බැවින් දැන් ඡායා කැබිනට් මණ්ඩලයක් නොමැති බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙන්නප්පුවේදී පැවසීය.

වෙන්නප්පුව සිරිගම්පල බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඊයේ(09දා) සංවිධානය කර තිබූ ආශිර්වාද පිංකමෙන් අනතුරුව පැවති ජනහමුවට සහභාගීවෙමින් හෙතෙම මේබව කීය. ඒකාබද්ධ විපක්ෂයේ ඡායාකැබිනට්මණ්ඩලය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා මෙසේදකීය.

නිරුවත්ව නිල් පැහැයෙන් Video

ඇඳුම් උනා දමා නිරුවත්ව නිල් වර්ණාලේපන ඇඟ තවරා ගත් තුන්දහස් දෙසීයක පිරිසක් බ්‍රිතාන්‍යයේ හල් නගරයේදී කලා නිර්මාණයක් සඳහා පෙනී සිටියහ.

ඇමරිකානු ජාතික ඡායාරූප ශිල්පියකු වන ස්පෙන්සර් ටුනික්ගේ කලා නිර්මාණයක් සඳහා පෙනී සිටි පිරිස අතර ලොව නන්දෙසින් පැමිණි අය වූහ.

ජලය සංකේතවත් කිරීම සඳහා නිල් පැහැති ආලේපන යොදා ගෙන ඇති අතර 'හල් පෙදෙසේ මුහු'ද ලෙස නම් කොට ඇති කලා නිර්මාණය 2017 වසරේ පැවැත්වීමට නියමිත 'හල් කලා සැණකෙළියේදී' ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

නාමල් හෙට අත්අඩංගුවට !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හෙට (11) අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහු එසේ අත්අඩංගුවට ගැනීමට යන්නේ, අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් (FCID) කල පැමිණිල්ලක් මතය.