වැට් බද්ද අත්හිටුවයි

මැයි 2වන දා සිට වැඩි කළ වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද සිට අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

මෙම අත්හිටුවීම පෙත්සම විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ය.

නාමල් ගලවාගන්න මම යන්නේ නැහැ

අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් අධිකරණයට හෝ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත නොයන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා තම පුතෙකු වුවත් ඔහු දේශපාලනඥයෙකු වන බවයි.

ජනපති මෛතී‍්‍ර සිටි සිර මැදිරිය Video

1971 වසරේ දේශපාලන සිර කරුවෙකු ලෙස තමා රඳවා සිටි මඩකලපුව බන්ධනාගාරයේ සිර මැදිරිය නැරඹීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10දා) පස්වරුවේ එක් වය.

පාසල් සිසුවෙකු ලෙස සකී‍්‍රයව දේශපාලනයට සම්බන්ධවීම සහ වාමාංශික දේශපාලනික අදහස් දරණ පුද්ගලයෙකු වීම හේතුකොටගෙන 1971 කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නොමැති වුවද මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සිරබත් කෑමට සිදුවූ බව ජනපතිගේ ෆේස්බුක් ගිණුම පවසයි.ජනපතිවරයා මෙහදී සඳහන් කළේ තමන් මාස තුනක කාලයක් එම සිර මැදිරියේ සිටි බවයි.

හොල්සිම් ගන්න රාජපක්ෂ පවුලෙන් ලන්සුවක්

ලෆාර්ජ් හොල්සිම් සමාගම තම මුල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා මෙම වසර අවසානය වන විට ඩොලර් බිලියන 3.7 ක් සොයා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සදහා ලොව පුරා ඇති තම සහෝදර සමාගම්වලට අනුබද්ධ ආයතන විකිණීමෙන් එම මුදල් සොයා ගැනීමට සූදානම් වේ.

ලංකා හොල්සිම් සමාගමද ඒ අනුව විකිණීමට තීරණය කර ඇත

මේවසර තුළ HIV ආසාදිතයන් 128 දෙනෙක්

මේ වසරේ පළමු මාස හය තුළ දී ශ්‍රී ලංකාවෙන් එච් අයි වී ආසාදිතයන් 128 දෙනෙකු සොයා ගත් බව ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

මින් සියයට 70ක් පමණ දෙනා පුරුෂයන් වන බවත් පිරිමින් අතර HIV පැතිර යාමට අනාරක්ෂිත සමලිංගික සබඳතා ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසීය.