මෙම වසරේ (2016) මේ දක්වා (මාස හයයි දින නවයක් තුළ) ඩෙංගු උණ රෝගය හේතුවෙන් දිවයිනේ පුද්ගලයන් 40 දෙනකු පමණ මරුමුවට පත්ව තිබේ.
මෙම ජුලි මාසයේ ගත වූ දින නවය තුළදී පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1056 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එසේම වසරේ මේ දක්වා වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,799 කි.




