මෝටර් රථය ඇලට යයි Video

වේගයෙන් පැමිණෙන මෝටර් රථයක වැදී තවත් මෝටර් රථයක් ඇලකට වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල විවිධ අදහස් පලවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාව 'Hitman's Bodyguard' චිත්‍රපටයේ රූගත කිරීම් අතර සිදුවූවක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ITN මහේෂ් නැවත රැකියාවට

ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවය කළ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩ තහනම් කිරීම සම්න්ධයෙන් සොයා බලා එය අත්හිටුවා, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

පසුගියදා සිදු වූ මහේෂ්ගේ වැඩ තහනම් කිරීම වැරදි සහගත බවට පාර්ශ්ව ගණනාවකින් ආණ්ඩුවට එල්ල වූ චෝදනාව නිසා මේ ගැන විශේෂ අවධානයක් අගමැතිවරයා විසින් යොමු කර තිබිණි.

සිසුවියන්ට ජනනේද්‍රිය පෙන්නලා

ගාල්ල බස් නැවතුම්පොලේදී පාසැල් සිසුවියන් දෙදෙනෙකුට ජනනේද්‍රිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවෙකු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර විසින් සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද නියෝග කළේය.

සජින්ට ඇප

හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මරණීය තර්ජන එල්ල කළ රුපියල් කෝටි 60කට අධික කොස්මෝස් සමාගමට යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබීය.

නකල්ස් මස් වැද්දන් හයදෙනාට ඇප

නකල්ස් රක්ෂිතයේ වනසතුන් දඩයම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සැකකරුවන් හය දෙනාගෙන් එක් අයයකුට රුපියල් 25000.00 බැගින් රුපියල් 150000.00 ක මුදල් ඇප මත තේල්දෙණිය දිසා විනිසුරු එන්.එම් ෆරීක්ඩීන් මහතා විසින් මුදාහරිනු ලැබ තිබේ.

පන්විල සංචාරක උසාවියේදී අද (07) නඩුව කැඳවූ අවස්ථාවේ දිසා විනිසුරුවරයා මෙම නොයෝගය කරනු ලැබීය.