නකල්ස් මස් වැද්දන් හයදෙනාට ඇප

නකල්ස් රක්ෂිතයේ වනසතුන් දඩයම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි සැකකරුවන් හය දෙනාගෙන් එක් අයයකුට රුපියල් 25000.00 බැගින් රුපියල් 150000.00 ක මුදල් ඇප මත තේල්දෙණිය දිසා විනිසුරු එන්.එම් ෆරීක්ඩීන් මහතා විසින් මුදාහරිනු ලැබ තිබේ.

පන්විල සංචාරක උසාවියේදී අද (07) නඩුව කැඳවූ අවස්ථාවේ දිසා විනිසුරුවරයා මෙම නොයෝගය කරනු ලැබීය.

මුදල් ඇපවලට අමතරව සැකකරුවන් 6 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක්ද නියම කළ විනිසුරුවරයා ඔවුන්ට සෑම මසකම පළමු හා අවසන් ඉරුදින පෙරවරු 9.00 ත් දහවල් 12.00 ත් අතර පන්විල පොලීසියේ පෙනී සිටින ලෙසද නොයෝග කළේය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ වනජීවී දෙපාර්තුමේන්තුව මගින් සැකකරුවන්ට එරෙහිව නඩුපවරා තිබිණි.

නකල්ස් රක්ෂිතයෙන් අල්ලාගත් ඕලු මුවන්, දඬුලේනුන්, ඉත්තෑවන් ඇතුළු විශාල සතුන් සංඛ්‍යවක් මරාදමා ඇති අයුරු දෙක්වෙන ඡායාරූප අන්තර් ජාලයේ පළවීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලීසිය හා වනජීවී නිලධාරීන් සැකකරුවන් අත්අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.