දුටුවන් මන්මත් කළ අපූරු රංගනය Video

ඉතාලියේ මාර්ගයක සිටින වයලීන් වාදකයෙකුගේ නදට තරුණියක් අපූරු රංගනයක් ඉදිරිපත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ වඩාත් කතාබහට ලක් වී තිබෙනවා.
ඇය පිලිපීන ජාතික Rima Baransi නම් තරුණියක්.

ඇගේ පියා සමඟ ඉතාලියේ සංචාරය කරන අතරතුරයි ඇය විසින් මෙම රංගනය ඉදිරිපත් කරන්නේ.

බීම වර්ග වලින් නෑම Video

මෙම ඔසු දෝවනාගාරය එනම් මෙම ස්පා එක පිහිටා තිබෙන්නේ ජපානයේය. අප බොහෝ දෙනෙක් වෙහෙසකර දිනයන් වලදි බලාපොරොත්තු වන එකම දෙය නම් අපට සැහැල්ලුවෙන් කැමති බීමක් රස විදිමින් සිටිමටයි. 

අධික වෙහෙසකර දිනයන් වලදි බීම තටාකයක් ගිලි සිටීමට හැකි නම් යයි හැඟිමක්ද මතු වෙයි.එසේ නම් ඔබේ බලාපොරොත්තු සඵල කරගත හැකි එකම ස්ථානය නම් මෙම ජපානයේ පිහිටි කෝවේකියන් යුන්සුන් නැමැති ස්පා එකයි.

තේවරප්පෙරුම මුදාහරියි

ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රුපියල් 89, 000 ක අනර්ථයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු සිවු දෙනෙකු එයින් මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා කටයුතු කරනු ලැබීය.

එසේම පාසලට බලෙන් ඇතුළුවීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන මවුවරුන් 9 දෙනා මේ වන විට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කොට තිබේ.

මීගහතැන්න පාසලේ විදුහල්පති හා තවත් ගුරුවරියක් ඔවුන්ව හඳුනා ගැනීමට අධිකරණයට පැමිණ සිටිති.

බිරිඳට යටවී සැමියා මැරෙයි

Elderly couple dies as husband gets crushed under 128 kg wife
ඉන්දියාවේ රාජ්කොට්හිදී කිලෝ 128ක් බරැති කාන්තාවකගේ ඇඟට යටවී ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිය දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවට දැනගැනීමෙන් පසු කඩිමුඩියේ පඩිපෙළ බැස ආ කාන්තාව ලිස්සා වැටී ඇත්තේ පහළ සිටි තම සැමියාගේ සිරුර මතට ය.

ලිස්සා වැටීමෙන් 68 හැවිරිදි බිරිඳ මියගොස් ඇති අතර, බිරිඳගේ බර දරාගත නොහැකිවීමෙන් සැමියා මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි.

ජානකී ඇඟ හදාගන්න හැටි Video

රංගන ශිල්පිනයක මෙන්ම නිෂ්පාදකෂකවරියකද වන ජානකී විජේරත්න මේ දවස්වල තම ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ව්‍යයාමවල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

ඊට අමතරව ඇය තවත් වීඩියෝවක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, ඇය කරන ව්‍යායාම් තමන්ගේ රසිකයන්ට බලාගැනීමට සලස්වන බව ඇය පවසනවා.