වැට් බදු නොගහන භාණ්ඩ මෙන්න

භාණ්ඩ 133ක් සේවා 21ක් වැට් බද්දෙන් නිදහස්

එකතුකළ අගය මත අය කෙරෙන වැට් බද්ද සියයට 11 සිට 15 දක්වා ඉහළ නැංවීමත් සමග භාණ්ඩ 133ක් හා සේවා 21ක් වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලංකාවේ 1/6 ට දීර්ඝ කාලීන ලෙඩ

මෙරට පුද්ගලයින් 06 දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙය මෙරට ජනගහනයෙන් සියයට 18ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම සමීක්ෂණයේ දී දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා, ශ්වසන රෝග, මානසික ආබාධ, රක්තවාතය, අපස්මාරය වැනි රෝග පිළිබඳව තොරතුරු රැස්කර තිබේ.

තරුණයින් 2ක් ගිලී මරුට Video

ගාල්ල ගිංතොට ගිංගගේ මෝයකට ප්‍රදේෂයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුමුවට පත්ව තිබෙනවා.

අද (06) පෙරවරු 10.30ට පමන තරුණයින් 4 දෙනකු ගිංගගේ දිය නෑමට ගොස් ඇති අතර දහවල් 1 පමන වන තෙක් දියේ සෙල්ලම් කරමින් සිටී තරණයින් 4දෙනාගෙන් 3 දෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇත.

මත්කුඩු සමග චීවරධාරියෙකු හසුවෙයි

හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි චීවරධාරියෙකු ඇතුලූ තවත් තිදෙනෙකු නොච්චියාගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

කොළඹ සිට පුත්තලම හරහා නොච්චියාගමට සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ සවස අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළා.

පිස්සු කෙලින්ඩ එපා චිත්‍රාල් මහින්දට කියයි

චිත්‍රාල් සෝමපාල නොහොත් "Chity" තරුණ පරපුර අතර ජනප්‍රිය ගායකයෙක්.විශේෂයෙන් මෙරට රොක් සංගීතය ගැන පවසද්දී චිත්‍රාල්ගේ නම ඉහළින්ම කියැවෙනවා.

ඒ වගේම ගායක පවුලකින් පැවත එන චිත්‍රාල්ගේ මව සහ පියා, මෙරට සංගීතයේ පුරෝගාමීන් දෙදෙනෙකු වූ චිත්‍රා සෝමපාල සහ පී.එල්.ඒ සෝමපාල යි.ගායන හැකියාව පමණක් නොව තමන්ට හැඟෙන අදහස කෙලින් කියන්නෙකු ලෙස ද චිත්‍රාල් Facebook සමාජ ජාලය තුළ ප්‍රසිද්ධයි.